අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්වගාජනපදය ග්‍රාම නිලධාරි වසමේ ඔබ පදිංචි/භුක්ති විඳිනු ලබන ඉඩම් වෙනුවෙන් ඉ.සං.ආ. බලපත්‍ර ලබාදීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ ඉඩම් කච්චේරිය 2026.07.16 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව. 9.30 සිට ඕවාගිරි පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත වේ.

















