වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු  02කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 2561 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන්  250දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

මේ සඳහා අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 1995600.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු.9000.00 ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු.1058500.00 ක්ද, ධීවර හා  සත්ත්ව පාලනය සඳහා රු.32500.00 ක්ද ව්‍යවසායක පුහුණු සඳහා රු.150000.00 ක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම දිරිය පියස  නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රු.1200000.00ක්ද වැය කිරිමට නියමිතය.

සමෘද්ධි  ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා  අංශ කිහිපයක් ඔස්සේ සිදුකිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එම වැඩපිළිවෙලට අනුගත කිරිම  සඳහා අවශ්‍ය මුලික සම්පත්දායකයින්  පුහුණු කිරිම  සිදු කරමින් සිටි.

සමෘද්ධි ප්‍රතිලාභි පවුල් එ්කක සවිබල ගැන්වීම සඳහා සුදුසු මානයක් සොයාගැනීම සමෘද්ධි ප්‍රතිලාභි පවුල් එ්කකයේ  ප්‍රධානියාගේ ලිඛිත එකඟතාවය මත සිදුකිරිමටත්  සවිබල ගැන්විමේ ක්‍රියාවලිය සඳහා යොමුගත කිරිම එක් එක් පවුල් විභවතාවයන්වලට මෙම නව වැඩපිළිවල තුලින් සිදුකෙරේ. 

විශේෂයෙන්ම ආර්ථික,සමාජීය,පාරිසරික,කායික,මානසික,නෛයිතික හා දේශපාලනික යන කේෂත්‍ර ඔස්සේ සිදුකෙරෙන ඒකාබද්ධ ක්‍රියාදාමයක් තුලින් සවිබල ගැන්වීම ක්‍රියාත්මක කිරිම සිදුකෙරේ.

මේ තුලින් වසර 2030 වන විට ලක්වැසි දුගීකම පිටුදැකිම උදෙසා ක්‍රියාත්මක වැඩසටහනෙහි ක්‍රියාකාරි හවුකරුවෙකු ලෙස ඉදිරිපත් වීමේ පසු බිම අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද මුල පුරා සිටි.

Scroll To Top