ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
අවසර පත්‍ර/ බල පත්‍ර නිකුත් කිරීම
- ගස් කැපීම සඳහා බලපත්‍ර
[PDF - 0.0 KB] - දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර (නව/දීර්ඝකිරීම)
[PDF - 0.0 KB] - සත්වයන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර
[PDF - 0.0 KB] - වෙළඳ නාම ලියාපදිංචිය සඳහා බලපත්‍ර
[PDF - 0.0 KB] - ව්‍යාපාරය වසා දැමීම සඳහා බලපත්‍ර
[PDF - 0.0 KB] - මත්පැන් අලවිය සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
[PDF - 0.0 KB] - උකස් මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
[PDF - 0.0 KB] - පතල් කැණීම සඳහා බලපත්‍ර (නව/අලුත් කිරීම)
[PDF - 0.0 KB] - වෙඩි බෙහෙත් සඳහා බලපත්‍ර
- වාහන ආදායම් බලපත්‍ර
[PDF - 0.0 KB]
හැදින්වීම

දැක්ම
සේවාලාභි සත්කාරයේ ප්‍රමුඛයා වීම
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව,පවතින හෞතික හා මානව සම්පත් ඵලදායි ආකාරයෙන් උපයෝගි කර ගනිමින් තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් කර මෙහෙයවීම.
තේමාව
සත්කාරයෙන් විශීෂ්ටත්වයට
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
ඓතිහාසික පසුබිම
1818 දී ඌව කැරැල්ල පරාජය වීමත් සමඟ නිදහස් අරගලය මුහුණ දුන් වෙල්ලස්සේ ජනතාව ඉංග්‍රීසින් විසින් මර්ධනයකට යටත් කරන ලදි. මෙම මර්දනය හමුවේ දිවි රැකගත් වෙල්ලස්සේ ජනතාව ඝන වනාන්තරයක්ව පැවති දිගාමඩුල්ලේ “වැව්ගම්පත්තුව” තුළ පදිංචි වූහ. එකල දිගාමඩුල්ල තුල ජීවත් වූ මුස්ලීම් හා ද්‍රවිඩ ජනතාව සමඟ සබදතා පවත්වා ගනිමින් එහි සංස්කෘතික ආභාෂයන් ලබමින් තමන්ට ආවේණික සංස්කෘතියක් බිහි විය.
මෙම ප්‍රදේශය මුල් කාලයේදී මඩකලපුව දිස්ත්‍රික්කය යටතේ පාලනය විය. මෙම ප්‍රදේශ ද්‍රවිඩ වන්නියාර් වරුන්ගේ පාලනය යටතේ සිදු වූ අතර එය අත්තනෝමතික පාලනයක් විය. මෙම ක්‍රියාකලා පයට විරුද්ධව ඉංග්රිසින් වෙත පැමිණිලි කල අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 1919 දී “වැව්ගම්පත්තුව” නමින් සිංහල වෙනම කලාපයක් බිහි විය. මෙහි පාලනය සිංහල උප ඒජන්තවරයකුගේ සහ රටේ මහත්මයකුගේ පාලනය යටතේ සිදු විය.
1948 පසු එවකට සිටි අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා විසින් ආරම්භ කරන ලද ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය නිසා සීග්‍ර වර්ධනයක් සිදු විය. වැව්ගම්පත්තුව ලෙස තිබූ පරිපාලනය අද උහන,දමන,අම්පාර ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරේ බෙදී ගොස් ඇත.
උහන උප දිසාපති කොට්ඨාසය යටතේ පාලනය වූ අම්පාර කොටස 1984 දී එහි උප කාර්යාලයක් ලෙස දිසාපති කාර්යාලය පවත්වා ගෙන යන ලදි. 1989 වෙනම උප දිසාපති කාර්යාලයක් බවට පත්විය. 1993අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස ස්ථාපිත විය. අද වන විට ග්‍රාම නිලධාරී වසම් 22 කින් සමන්විත වේ.
මුහුදු මට්ටමින් අඩි 200ක් පමණ උසින් පිහිටා ඇති අතර උතුරින් උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද නැගෙනහිරින් සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද බටහිරින් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද මායිම්ව ඇත. වර්ග 120Km ක් පමණ වන මෙහි ජනගහනය 49411 කි. පවුල් 13079 ක් ලෙස බෙදී ගොස් ඇත. දිස්ත්‍රික්කයේ සියලු පරිපාලන ආයතන මෙම කොට්ඨාසය තුල පිහිටා ඇත.


අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනම පරිපාලන බල ප්‍රදේශයක් වශයෙන්
ස්ථාපනය කිරීමෙන් පසු සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරුන්
| අ.අ. | නම | කාලය | |
| 01 | ඩී. එම්.එම්. දිසානායක මයා | 1992 | 1994 |
| 02 | පි.බි.අමරසේකර මයා | 1994 | 1995 |
| 03 | සුනිල් කන්නන්ගර මයා | 1995 | 1996 |
| 04 | පාලිත වීරකෝන් මයා | 1996 | 1997 |
| 05 | බී. එම්. එම්. එම්. බස්නායක මිය | 1998 | 2008 |
| 06 | ජේ. කේ. පී. සුගතදාස මයා | 2008.01.05 | 2008.07.31 |
| 07 | ජී. එල්. ආරියදාස මයා | 2008.08.01 | 2012.02.17 |
| 08 | එම්. එම්. එස්. කේ. බණ්ඩාර මාපා මයා | 2012.02.18 | 2015.10.14 |
| 09 | එන්. එම්. උපේක්ෂා කුමාරි මිය | 2016.02.08 | 2019.02.31 |
| 10 | එච්.එස්.එන්. ද සොයිසා සිරිවර්ධන මයා | 2019.02.05 | මේ දක්වා |






















