නිවේදනයයි
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබාගැනීම සඳහා  පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.
තොරතුරු නිලධාරියා.

සුජීව වීරසිංහ මයා
පරිපාලන නිලධාරි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්පාර. 
සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක  063 - 2222284
විද්‍යුත් තැපෑල aomThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.

1. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක්  තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.

2. ඔබේ ඉල්ලීමට අදාළ  තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද  දින 14ක් තුළ දන්වනු ලැබේ.

3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන්  සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු  ගෙවීම මත හෝ ගාස්තු ගෙවීය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.

4. ගාස්තු ගෙවීමෙන් පසු  දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.

5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුල සිදු කරනු ඇත.

6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
 
(i) තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම,

(ii) පනතේ 5 වන වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම,

(iii) පනත මඟින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.

(iv) සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම,

(v) වැඩිපුර ගාස්තු අයකිරීම,

(vi) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම,

(vii) එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සදහා එම තොරතුරු විකෘතිකර,විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.
 
මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.
 
නම් කළ නිලධාරියා,
එච්.එස්.එන්. දසොයිසා සිරිවර්ධන
ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්පාර.
සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක -  063-2223435 / 063 -2224595
විද්‍යුත් තැපෑල -  This email address is being protected from spambots. You need JavaScript enabled to view it./moha.divi.ampara@gmail.com
 
07. මෙම නිවේදනයේ 06 වන වගන්තිය පරිදි අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී RTI 10 දරන අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න RTI 10 දරන අයදුම්පත පිරවීම අනිවාර්යය නොවේ. තොරතුරු ඉල්ලා සිටින්නාට RTI 10 අයදුම්පත්‍රයේ  සඳහන් අභියාචනය විභාග කිරීමට අවශ්‍ය මුලික තොරතුරු සඳහන් කරමින් ලිපියක්  මගින් අභියාචනය ඉදිරිපත් කළ හැකිය.
Scroll To Top