ඡායාරූප ගැලරිය - සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩ සටහන අම්පාර 2021
මුදල් අමාත්‍යාංශ, සමෘද්ධි ,ගෘහ ආර්ථික ,ක්ෂූද්‍ර මූල්‍ය ,ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩ සටහන අම්පාර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාමල්තලාව ,දඹේතලාව ,නාමල්ඔය ii වසම් තුල විසිතුරු මසුන් වගා කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිම සැලසුම් කර ඇත. අඩු අදායම්ලාභි ප්‍රතිලාභින්ගේ ජිවන තත්වය ඉහල නැංවිමේ අරමුණින් ප්‍රතිලාභින් 100 ක් පමණක් සම්බන්ධකර ගනිමින් රු .මි.0.93 ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතයි.මෙහිදි ප්‍රතිලාභින්ගේ 50 % ක දායකත්වය ද සහිතව මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මෙහි සමාරම්භක උත්සවය 2021.08.04 දින දඹේතලාව ග්‍රාම නිලධාරි වසම තුල සිදු කරන ලදි.
Powered by Phoca Gallery














